ඉක්මන් මරණයක් කරා ඔබව රැගෙන යන, මේ ආහාරය ඔබත් අනුභව කරනවද?

“ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” කියන්නේ ලොක්කෝ පොඩ්ඩෝ හැම කෙනෙක් අතරම ඉතා ජනප්‍රිය කෑමක්. ඒත් බදින අර්තාපල් අල තීරු කෑමට ගන්න අය ඉක්මණින් මරණයට ළංවෙනවා කියලා බොහෝ අය දන්නේ නැහැ. එංගලන්තේ පර්යේෂණ කන්ඩායමක් විසින් තමයි ඒ බවට හොයාගෙන තියෙන්නේ.

“ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” ආහාරයට ගන්න පුද්ගලයෙක් සාමාන්‍ය අයෙකුට වඩා දෙගුණයකින් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව මෙම අධ්‍යයනයේ දී තහවුරු කර ගෙන තිබේ.

වසර අටක කාලයක් පුරා පැවැති මෙම අධ්‍යනයෙහි වාර්තාවට අනුව අධ්‍යනයට ලක් කළ වයස අවුරුදු 45-79 වයස් ඛාණ්ඩයේ පුද්ගලයන් 4440 දෙනාගෙන් “ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” ආහාරයට ගත් 236 දෙනකු අවසන් වසර එනම් අටවැනි වසර වනවිට මිය ගොස් ඇත.

අධ්‍යනය අවසානයේ දී මිය ගිය පිරිස නිරතුරු ව බදින ලද අල තීරු හෙවත් “ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්” ආහාරයට ගත් අය බව මෙම පර්යේෂකයෝ ප්‍රකාශ කරයි.

මෙහිදී අධ්‍යනයට ලක් කළ 4440 දෙනාගේ ආහාර පුරුදු අධ්‍යනයට ලක් කර ඇති අතර ඔවුන් එම අවුරුදු 08ක කාලය පුරාවටම ආහාරයට ගෙන තිබෙන බදින ලද හා නොබදින ලද අර්තාපල් ප්‍රමාණය ද විශ්ලේෂණයට ලක් කර තිබේ.

මෙම පිරිසට පර්යේෂකයන් ආහාර හා සම්බන්ධ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඔවුන් ආහාරයට ගත් අර්තාපල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබාගෙන තිබෙන බවට වාර්තා වේ.

පෝෂණවේදිනියකවන ජෙසිකා තෝඩින්ට අනුව මෙම අධ්‍යයයනයෙහි ප්‍රතිඵලය පුදුම සහගත එකක් නොවන අතර ගැඹුරු තෙලෙහි බදින ලද අර්තාපල් ආහාරයට ගැනීමෙන් කැලරි, සෝඩියම් හෙවත් ලුණු හා ට්‍රාන්ස්මේදය පවා අධික වශයෙන් අයෙකුගේ ශරීරගතවීම එයට හේතු බව පෙන්වා දේ.

පෝෂණවේදීන්ට අනුව බදින ලද අර්තාපල් වෙනුවට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරය වනුයේ නිවසේදීම තනා ගත් උදුනක පුළුස්සාගත් (රෝස්ට්) අර්තාපල් අලය.

හදවත් රෝග, ආඝාතය, කොලෙස්ටරෝල් වලට සුවය සලසන ලොව අංක එකේ පළතුර

ලෝකයේ තියෙන අංක එකේ සුපිරිම ආහාරයක් තමයි රටඉඳි කියන්නේ. රටඉඳි සතු බොහොමයක් ගුණාංග කොලෙස්ටරෝල්, අධ්‍යාතතිය (hypertension), ආඝාතය (Stroke) වගේ රෝග සංසිදුවන්නට උපකාර වෙනවා. එයට හේතුව තමයි රටඉඳි, පරිවෘත්තීය ක්‍රියාවන් හොඳින් සිදු වීමට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත් වීම.

මෙම ලිපිය කියවූ පසු ඔබට වැටහේවි දිනපතා ආහාර වේලට රටඉඳි එකතුකරගැනීමේ වැදගත්කම.

1. යකඩ වලින් පොහොසත් වීම.
යකඩ විශේෂයෙන් වැදගත් වෙන්නෙ ලේ අඩු බවින් පෙලෙන අය, ගර්භනී කාන්තාවන්, සහ ළදරුවන් සදහා. දිනකට රටඉදි 100 g ක් (එහි යකඩ 0.9mg අඩංගුයි) අහාරයට ගැනීමෙන් දෛනිකව ගත යුතු යකඩ ප්‍රමාණයෙන් 11 %ක් සපුරාලනවා. රතු රුධිර සෛල සහ හිමෝග්ලොබින් වල සංඝටකයක් වන යකඩ මගින් රුධිරය තුල ඔක්සිජන් පරිවනය වඩා හොඳින් සිදු කරනවා.

2. පාචනය වළක්වයි.
රටඉඳි වල අඩංගු වන පොටෑසියම් මගින් පාචනය ඇති වීම වලක්වා හිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ප්‍රේරණය කරනවා.

3. මළබද්ධය වළක්වනවා.
මේ සදහා රටඉදි ස්වල්පයක් වතුරේ දමා රාත්‍රියක් තිබෙන්නට හැර පසු දින එම යුෂ පානය කරන්න. එවිට ආහාර ජීර්ණය වේගවත් වෙනවා. එලෙසම එහි විරේකන හැකියාවක්ද පවතිනවා.

4. ශරීර ස්කන්ධය සංතුලනය කිරීම.
උදෑසන හිස් බඩට රටඉඳි ආහාරයට ගැනීමෙන් මේද පටක වැඩිපුර අැතිවීම නවතාලනවා. රටඉඳි වල කොලෙස්ටරෝල අඩංගු වෙන්නේ නැහැ. මෙ නිසා සිරුරේ බර සමබර කරනවා. නමුත් මෙහි සීනි ප්‍රමාණයක්ද අඩංගු නිසා ඒ පිළිබදව ඔබ සැලකිළිමත් විය යුතුයි.

5. කොලෙස්ටරෝල් පාලනය කිරීම.
රටඉඳි මගින් LDL එනම් සිරැරට අහිතකර කොලෙස්ටරෝල් යාමනය කිරීම සිදු කරනවා. රැධිර වාහිනී පිරිසිදු කර රුධිර කැටි ඇතිවීම වළක්වනවා.

6.හදවත වඩා ශක්තිමත් කිරීම.
රටඉඳි රාත්‍රියක් පුරා පෙගෙන්නට හැර ආහාරයට ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

7. රුධිර පීඩනය යාමනය.
රටඉඳි වල සෝඩියම් අඩංගු නොවන නිසාත් පොටෑසියම් බහුල නිසාත්, අධ්‍යාතතියෙන් පෙළෙන අය වැඩි වශයෙන් රටඉදි අහරයට ගත යුතුයි. රටඉදි 5-6ක් තුල මැග්නීසියම් 80gක් පමණ අඩංගු වෙනවා. මැග්නීසියම් මගින් රුධිර වාහිනී විශාල කර රුධිර පරිවහනය වැඩි දියුණු කරනවා. මැග්නීසියම් 370g ට වඩා ගැනීමෙන් රුධිර පීඩනය අඩු වෙනවා.

8. ආඝාතය වළක්වයි.
පෙර සදහන් කළ පරිදිම, පොටෑසියම් ඉහල මට්ටමක පැවතීමෙන් ස්නායු පද්ධතිය වැඩි දියුණු වෙනවා. මේ නිසා ආඝාතය ඇති වීම වලක්වාගන්න පුළුවන්.

(පරිවර්තනය හෂී දිල්රූ)

උදරය ඉදිරියට නෙරා ඒම අඩුකර ගන්න මේ දේවල් කරන්න

උදරය ඉදිරියට නෙරා ඒම බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක්ගේ උදරය වටා යම් තෙල් තට්ටුවක් තිබීම සාමාන්‍ය තත්වයක්. ගැටළු සහගත තත්ත්වයක් මතුවන්නේ උදරය වටා අනවශ්‍ය ප්‍රමාණයට තෙල් තැන්පත් වීමත් සමගයි.

සමට ඉතා ආසන්නයෙන් සම යට ඇති තෙල් තට්ටුව පමණක් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ මේද අනවශ්‍ය මට්ටමකින් තැන්පත් වීම සිදු විය හැකියි. එසේ සිදුවීම නම් සෞඛ්‍යයට එතරම් හොඳ නැහැ. උදාහරණයක් ලෙස හදවතේ, පෙනහළු, අක්මාව ආදිය සඳහන් කල හැකියි. අධි රුධිර පීඩනය, පිළිකා මෙන්ම හෘදයාබාධ ද ඇති වීමට බලපාන්නේ මේ තත්වයනුයි.

මේද තට්ටු නිසා ඉදිරියට නෙරා එන උදරය අඩු කිරීමට කළ හැකි දේ කිහිපයක් පහත දැක්වෙනවා.

ව්‍යායාම

හොඳින් ව්‍යායාම කරන විට උදරය අවට ඇති මේද තට්ටු වගේම අභ්‍යන්තර අවයව වල ඇති මේද තට්ටුත් කෙමෙන් කෙමෙන් දියවී යාම ඇරඹෙනවා. අවම වශයෙන් සතියට දින 5ක් වත් විනාඩි 30ක් බැගින් වත් ක්‍රියාශීලී ව්‍යායාම සිදු කල යුතුයි. ව්‍යායාම කිරීම ඇරඹීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් වී ඔබේ ශරීරය ව්‍යායාම පෙළක් කිරීමට සුදුසු මට්ටමක වේද යන්න වෛද්‍යවරයාගෙන් උපදෙස් ගැනීම සුදුසුයි. ඔබේ ව්‍යායාමය හදවතේ ක්‍රියාකාරීත්වය වැඩි කරන එකක් විය යුතු අතර එම ව්‍යායාම නිසා නාඩි වැටීමේ වේගය වැඩි වී, වේගයෙන් හුස්ම ඉහල පහල දමන තත්වයට පැමිණිය යුතුයි

ඉහත කී සියලු දේ කරන අතරම, තමන්ගේ නිවසේ ඇති පිරිසිදු කිරීම්, මල් පාත්ති සැකසීම්, වගාවක් පවත්වාගෙන යාම ආදිය කිරීමෙන් ඔබේ “බඩ අඩු කර ගැනීමේ” ව්‍යාපෘතිය තවත් සාර්ථක වන බව කිව යුතුයි.

සමබල ආහාරවේලක් ලබා ගැනීම

බොහෝ දෙනෙක් උදරය නෙරා ඒම අඩු කර ගැනීමට කරන්නේ දරුණු ලෙස ආහාර පාලනය කිරීමයි. එය නිෂ්ඵල ක්‍රියාවක්. ඔබ කල යුත්තේ පෝෂණ ගුණය වැඩි ආහාර වැඩිපුර ගෙන පෝෂණ ගුණය අඩු ආහාර වගේම අනවශ්‍ය ලෙස තෙල්, සීනි, ලුණු ආදිය ඇති ආහාර අඩු කර ගැනීමයි.

සුව නින්දක් ලබා ගැනීම

ඕනෑම පුද්ගලයකුගේ ශරීරයට නින්ද සහ ගිමන් නිවා ගැනීම ඉතා අවශ්‍ය දෙයක්. හොඳ ශරීර සෞඛ්‍ය තත්වයක් උදා කර ගන්න නම් ඔබ පැය 6ක අවමයකට යටත්ව දළ වශයෙන් පැය 7ක්වත් නිදා ගත යුතුයි. නමුත් නින්ද පැය 5කට අඩු වීමත්, පැය 8 ඉක්මවීමත් නුසුදුසු බවයි කියවෙන්නේ. නිසි ලෙස නින්ද නොලැබෙන විට ශරීරය වැඩි වැඩියෙන් තෙල් තට්ටු තැන්පත් කර ගන්නා අතර, බඩ පිරුණත් බඩගිනි ලෙස හඟවා වැඩි වැඩියෙන් ඔබව කෑමට යොමු කරවනවා.

මානසික සුවතාව

මේ සඳහා ඔබ කැමති විනෝදාංශයක යෙදීම, පවුලේ අය හෝ මිතුරු මිතුරියන් සමග සතුටු සාමිචියේ යෙදීම භාවනාව, ආගමික වතාවත්, ශාරීරික ව්‍යායාම ආදිය ඉතා වැදගත්. ඒ සමගම ඔබේ වැඩ කටයුතු මනා ලෙස සැලසුම් කිරීමෙන් එකවර වැඩ ගොඩ ගැසී ඔබව අධික පීඩනයකට ලක් කිරීමෙන් වලක්වාගන්න ඔබට පුළුවන්.

ඔබෙත් ඇස් යට කළු වෙලාද ? එහෙනම් මෙන්න බෙහෙත

ඇස් වටා කළු වීමට ඔබ කොයිතරම් ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් නැත්තම් ගෙදරදීම කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර සිදුකර බලන්න පුළුවන්.

ඇස් වටා කළු වීම විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. පරම්පරාවෙන්, වයස, කන කෑම වගේ හේතු රැසක් මෙයට හේතු වෙන්න පුළුවන්. හුඟක් අම්මලට විවේකය අඩුකම, නින්ද අඩුකම නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. හැකිතරම් ඇස් වලට නින්ද ලබාදීම වැදගත් වුනත් ඒ අතරට ඔබට කොයිතරම් ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් නැත්තම් ගෙදරදීම කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර සිදුකර බලන්න පුළුවන්.

*මෙම අමුද්‍රව්‍ය ඇස් වටා ගලවන විට ඔබට අසාත්මිකතා ඇතිවේදැයි පරික්ෂා කර බලා එය තවදුරටත් සිදු කරන්න.

1. පිපිඤ්ඤා

පිපිඤ්ඤා වලින් ඇසට හා සමට සිසිල් බවක් ලැබෙනවා වගේම මේ එළවළු වර්ගය සමට හිතකරයි. ඒ නිසා එමගින් ඇස් යට ඇති කළු ගතිය ඉවත් කරන්නත් පුළුවන්. පැය භාගයක් පමණ ශිත කළ පිපිඤ්ඤා පෙති ඇස් මත හා අවට ප්‍රදේශයේ මිනිත්තු 10 ක් පමණ තබා පිරිසිදු වතුරින් සෝදා හරින්න. මෙය දිනකට දෙවරක් සිදු කරන්න.

2. අර්තාපල්

අර්තාපල් සමේ පැහැය ඇති කිරීමට සමත් වෙනවා. ඒ වගේම ඇස් යට කළු ගතියට ඉතාම හොඳයි. පිපිඤ්ඤා වගේම ඝනකම ඇති අර්තාපල් පෙති කිහිපයක් ගෙන පොඩි කරගත් යුෂ හෝ එම යුෂ වල පොඟවා ගත් පුළුන් කැබලි දෙකක් ඇස් වටා තබා මිනිත්තු 10-15 දක්වා සිටින්න. මෙයත් දිනකට දෙවරක් පමණ සිදු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

3. පොල්තෙල්

පොල්තෙල් ඇස් වටා කළු පැල්ලම් ඉවත් කරනවා. එපමණක් නොවෙයි ඉතා හොඳ මොයිචර්රයිස් එකක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. සම සුමුදු කරලා සමේ රැළි වැටීම හා ඉරි ඇති වීම වළකනවා. වර්ජින් පොල්තෙල් වල ඇඟිලි ගිල්වා ඇස් යට ඉතා මෘදු ලෙස මසාර්ජ් කරන්න. පැයකට පමණ පසු මුහුණ සෝදා හරින්න. දිනකට දෙවරක් කිරීම වැදගත්.

4. තේ බෑග්

ඇස් වල ඉදිමීම හා ඇස් වටා කළුවීමට තේ වල ඇති කැෆේන් හා ඇන්ටිඔක්සිඩන්ට් උදවු වෙනවා. පැය ½ ක් පමණ ශීතකරණයේ තැබූ කොළ හෝ කළු තේ බෑග් ඇස් මත මිනිත්තු 10-15 ක් දක්වා තබා දිනකට වරක් හෝ දෙවරක් ප්‍රතිඵල ලැබෙන තුරු අත්හදා බලන්න.

5. ලෙමන් යුෂ

ලෙමන් වල ඇති ස්වභාවික බ්ලීචින් ගුණයෙන් ඉතා මෘදු ඇස්ට්‍රජන්ට් ඇති නිසා සමට හිතකර වෙනවා. පුළුන් කැබල්ලක් ගෙන ලෙමන් යුෂ වල පොඟවා ඇස් වටා ඉතා පරිස්සමෙන් ආලේපකර මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න. මෙය දිනකට වරක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

කෝමාරිකා යුෂ, ඔබේ රූපය ආරක්ෂා කරන හැටි මෙන්න

කෝමාරිකා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ගෙදරක තියෙන පැල වර්ගයක්. මේ ලිපියෙන් කියවෙන්නේ කෝමාරිකා සතු වටිනා ඖෂධීය ගුණයන් අපට ප්‍රයෝජනවත්වන අයුරුයි.

01. හිරු එළියෙන් පිළිස්සුන සමට හොද ප‍්‍රතිකාරයක්
කෝමාරිකා යුෂ සම මත ආලේප කිරීමෙන්, හිරුකිරණෙන් ආරක්ෂා වන්නට සමට අවශ්‍ය වැස්මක් ලැබේ. ඒ වගේම සමේ තෙතමනයත් රදා පවත්වයි.

02. සමේ තෙතමනය පවත්වාගෙන යන්නට උපකාරී වේ
සම වියලි බවින් මුදා, සමට අවශ්‍ය තෙතමනය පවත්වාගෙන යන්නට මේ කෝමාරිකා යුෂ උදව් වේ.

03. සමේ ඇතිවන ආසාධන වලට හොද ප‍්‍රතිකාරයක් වේ
කෝමාරිකා යුෂ වල තිබෙන සුව කිරීමේ හා සිසිලස ගෙන දීමේ හැකියාවන් නිසා, සමේ ඇතිවන “‍දැවිල්ල”‍, “බිබිලි”‍ හා “කැසිල්ල”‍ වැනි දෑ අවම කර ගැනීමට කෝමාරිකා උපකාරී වේ.

04. සම වයසට යාම අවම කරයි
කෝමාරිකා වල තිබෙන ඇන්ටි-ඔක්සිඩන්ට්, බෙටා කැරොටින්, විටමින් K නිසා, සමේ රැක දේ. එමගින්, සමේ අනවශ්‍ය රැලි වැටීම වලක්වයි. සම ඇදීම අවම කරයි.

05. ස්ට්‍රේච් මාර්ක්ස් අවම කරයි
ගර්භනී බව නිසා හෝ ක්ෂණික මහත් වීමක් හෝ කෙට්ටු වීමක් නිසා, සමේ ස්ට්‍රේච් මාර්ක්ස් ඇති වෙලා තියෙනවනම්, කෝමාරිකා යුෂ ආලේප කිරීමෙන් ඒ මාර්ක්ස් අවම කර ගන්න පුළුවන්.

මුහුණේ ඇති අනවශ්‍යය රෝම ලෙහෙසියෙන්ම නැතිකරගන්න පහසු ක්‍රමයක් මෙන්න

බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්. දැනට Bleaching, Threading, Electrolysis සහ Laser Hair Removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා.

නමුත් මෙම ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රීමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. එනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය රෝම වැවීම පාලනය කරීමෙන් ඔබේ මුහුණේ සම ලස්සනට තබාගත හැකිවේවි.

කහ අතීතයේ පටන්ම කාන්තාවන් රුව වැඩිම සදහා භාවිතා කල ඔසුවක්. ඔබේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට වියළි කහ කුඩු කර යෝගට් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කල හැක.

මෙමගින් මුහුණේ රෝම වැවීමේ වේගය අඩු කරන අතර එක දිගටම කලක් භාවිතා කර මුහුණ මත අනවශ්‍ය රෝම වැවීම සම්පුර්ණයෙන්ම පාලනය කරගත හැකිවේ. ඒ වගේම මුහුණ පැහැපත් කර ගැනීමටත් හැකියි.

කුඩු කර ගත් කඩල පරිප්පු වලට හොඳින් බ්ලෙන්ඩර් කර ගත් ගස්ලබු එකතු කර සාදාගන්නා මිශ්‍රණය ද දිගු කලක් භාවිතා කිරීම තුලින් මුහුනේ අනවශ්‍ය රෝම වැවීම පාලනය කර ගන්න පුළුවන්.

කඩල පිටි සමග වියලි කහ හා දෙහි යුෂ අවශ්‍ය පමණට ගෙන මිශ්‍ර කර මුහුණ මත ආලේප කර එය වියළුණාට පසු උණුසුම් ජලයේ පොගවා ගත් තුවායක් භාවිතා කරලා රවුමට රවුමට මුහුණ පිරිමදිමින් ඉවත් කර ගන්න. කඩල පිටි මගින් ඔබේ මුහුණ පැහැපත් වීමත් සිදු වෙනවා.

බිත්තර සුදු මද සමග සිනි හා ඉරිගු පිටි අවශ්‍ය ප්‍රමානයට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කර හොඳින් වියළුණු පසු මද උණුසුම් තෙත තුවායක් මගින් හෝ තෙත් කර ගත් ඇගිලි තුඩු වලින් ආලේපනය ඉවත් කර ගන්න. මෙම මිශ්‍රණය මුහුණ මත පැක් එකක් ලෙස ක්‍රියා කරන අතර මුහුණේ සම ඉතාමත් හොදින් පවිත්‍ර කරනවා.

ඔබ තව දුරටත් ශරීරයට අහිතකර, රිදුම්දෙන, වියදම් අධික කෘත්‍රීමව සත්කාර ක්‍රම වලට යොමු නොවී ස්‍යෙඛ්‍යාරක්ෂිත මෙවැනි ක්‍රම යොදා ගැනීම වැදගත් නොවේද?

සිරුරේ මේදය දින 4කින් අඩු කරගත හැකි රහස් පානය මෙන්න

සිරුරේ මේද දහනය උත්තේජනය කිරීම මේ පානයෙන් සිදු කරනවා. ඔබ මෙම පානය සමබර ආහාර වේලක් සමග භාවිත කරනවා නම් එය ඔබගේ උදරයේ ප්‍රමාණය අඩු කිරීමටත් උපකාරී වෙනවා. මෙහි ඇති තවත් විශේෂ වාසියක් නම් මේද දහනය සදහා ඔබට කුසගින්නේ සිටීමට සිදු නොවීමයි. මෙහි ප්‍රධාන සංඝටකය ජලය වන නිසා මෙය සිරුරේ ඇති මේද තැන්පතු සෝදා හැරීම උත්තේජනය කර පරිවෘත්තීය ක්‍රියාවන් වැඩි දියුණු කරනවා. විශේෂයෙන්ම කිව යුතු කරුණ තමයි මෙමගින් කිසිදු අහිතකර අතුරු ප්‍රථිඵලයක් ඇති වෙන්නේ නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

වතුර වීදුරු 8
අඹරාගත් ඉඟුරු තේ හැඳි 1
කපා ගත් පොතු ඉවත් නොකරන ලද පිපිඤ්ඤා ගෙඩි 1
කපගත් ලෙමන් ගෙඩි 1
මිංචි කොළ 12

සාදාගන්නා ආකාරය

ඉහත සියල්ලම විශාල බඳුනක් තුල මිශ්‍ර කර රාත්‍රියක් පුරා තිබෙන්නට හැර පසු දින පානය කරන්න.
මෙලෙස දින 4ක් නොකඩවා සිදු කිරීමෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබාගත හැක.

ඔබ හොදින් මතක තබාගත යුතු කරුණ නම් මෙම පනය පමණක් භාවිතයෙන් සිරුරේ මේද අඩු කිරීම කල නොහැකි බව.
ඒ සදහා සමබර ආහාර වේලක්ද ලබාගත යුතුයි. මෙ සියල්ල සමග ඔබ ඔබගේ දෛනික ක්‍රියාකාරකම් සිදු කිරීමේදී සිරුරේ මේද දහනය ඉක්මන් වෙනවා. විශේශයෙන් ආහාර ජීර්ණය හොදින් සිදු වීමට දිනකට වතුර වීදුරු 8ක් පානය කිරීම ඉතා වැදගත්.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

කොලස්ට්ට්‍රොල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න

ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි.

බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ?
හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත.

එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි.

මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත. එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ.

දැන් අපි බලමු කෙට්ටුවෙන්න කැමති අයට සහ බයිපාස් සැත්කම නොකර අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහරවා ගැනීමට වටිනා පානයක් සකසා ගන්නා ආකාරය.

මෙම ඖෂධීය පානය සෑදිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

01. ලෙමන් දෙහි ඉස්ම මිලි 250
02. ඉගුරු ග්‍රෑම් 500
03. ලොකු සුදුළුණු ග්‍රෑම් 500
04. ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි.
05. පිරිසිදු මී පැණි ම්ලි 500

පලමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර පහත රූප සටහනේ පරිදි කුඩා කැබලිවලට කපා ගන්න.

ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු බ්ලෙන්ඩරයකට දමා පහල රූප සටහනේ පරිදි හොදින් අඹරාගන්න.

හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා පහත රූපයන් අකාරයට සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ.

ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ පිරිසි කොප්පක් සහ ඇපල් සයිඩර් විනාකිරි පීරිසි කෝප්පයක් එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ රත්කරන්න, භාජනයට දැමූ පීරිසි කොප්ප 4 ප්‍රමාණය පීරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි.

පසුව එම මිශ්‍රණය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පීරිසි කෝප්ප තුනක් එක්කර පහත රූපයේ පරිදි බොතලයකට දමා දිණපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න. සුදුළුණු යුෂ අන්තිමට හදා ගන්න සුදුලුනු ගොඩාක් වෙලා තිබ්බාම බෙහෙත කොලපාට වෙන්න ගන්නවා.

 

පතිවත රැකීමෙන් බුදු දහමට අනුව ඔබට ලැබෙන ආනිසංස මෙන්න

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.

සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවා ය. රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්‍යාවෘත වූවා ය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.

ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.

මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.

‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය. ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?’

ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.

එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.

ආදරණිය දියණිවරුනි ,මව්වරුනි ඔබත් සිතා බලන්න .පතිව්‍රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්‍රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි.මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්‍රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්‍රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්‍රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය.

මේ ලක්‍ෂණ 10ය ඔබේ ශරීරයෙන් නිරීක්‍ෂණය වනවානම් ඉක්මණින්ම ජලය වැඩිපුර පානය කරන්න

රුධිර තුල ජලය 83% ක්, පෙනහළු තුල ජලය 90% ක්, වකුගඩු සහ මාංශ පේශී තුල ජලය 73% ක් අන්තර්ගත වනවා. ශරීරය තුල අන්තර්ගත වන මෙම ජලය ප්‍රතිශතයෙන් විශාල ප්‍රමාණයක් දහඩිය දැමීම සහ මුත්‍රා පිට කිරීම නිසා දිනකටශරීරයෙන් ඉවත් වනවා. මේ ආකාරයට ශරීරයෙන් ඉවත් වන ජලය නිසි ලෙස නැවතත් ශරීරයට ලබා ගැනීම ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වනවා.

දිනකට ජලය වීදුරු 6-8 ත් අතර ප්‍රමාණයක් පානය කිරීම සුදුසු යැයි ඔබ අසා තිබෙන්නට පුළුවන්. නමුත් බොහෝ දෙනා මෙය දිනකට ජලය වීදුරු දෙකකට සීමා කරනු ලබනවා. සාමාන්‍ය වශයෙන් පිරිමි පුද්ගලයෙක් දිනකට ජලය ලීටර තුනක් (වීදුරු දොළහක්) පානය කල යුතු අතර කාන්තාවක් දිනකට ජලය ලීටර 2.2 (වීදුරු නවයක්) පානය කල යුතු වනවා. ඔබ නිසි පරිදි ජලය පානය නොකරනවා නම් ඔබේ ශරීරයෙන් මෙවන් ලක්‍ෂණ දැක ගන්නට පුළුවන්. ඔබත් මෙම ලක්‍ෂණ දහය පිළිබඳ නිසි අවධානය යොමු කරන්න.

01. හිසරදය
ජලය නිසි ලෙස පානය නොකරන අවස්ථාවක ශරීරය විසින් උත්සහා කරනු ලබන්නේ ශරීරය තුල තිබෙන ජලය ප්‍රමාණය කෙසේ හෝ භාවිතයට ගැනීමටයි. ශරිරයට ජලය හිග අවස්ථාවක ශරීරයේ කුමන අවයවයක ජලය වුවත් භාවිතයට ගැනීමට කිසිම පැකිලීමක් ඇති වන්නේ නෑ. ඔබට නිරන්තරයෙන් හිසරදය ඇතිවනවා නම් මේ පිළිබඳ නිසි අවධානය යොමු කරන්න. නිසි පරිදි ජලය පානය කරන්න.

02. සන්ධි වේදනාව
සන්ධි චලනය වන අවස්ථාවක නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා ජලය ලිහිස්සි ද්‍රාවණයක් ලෙස ක්‍රියා කරනු ලබනවා. නිසි ලෙස ජලය පානය නොකිරීම මගින් සන්ධි වලට අවශ්‍ය කරන මෙම ලිහිස්සි ද්‍රාවනය නිසි ලෙස නොලැබී යනවා. එම හේතුව නිසා කාටිලේජ වලට හානි සිදුවී සන්ධි වේදනාවක් ඇති වනවා.

03. කුසගින්න සහ බර වැඩි වීම
මිනිස් ශරීරය ඉතා සංකිර්ණ යාන්ත්‍රණයක්. මිනිස් මොළයේ අන්තර්ගත වන“hypothalamus” ව්‍යූහය මගින් කුසගින්න සහ පිපාසය ශරීරයට දැනෙන්නට සලස් වනවා. ඔබටසුළු කුසගින්නක් දැනුණු අවස්ථාවක මොනයම් හෝ දෙයක් ආහාරයට ගන්නවා වෙනුවට ජලය වීදුරුවක් පානය කරන්න. (මෙය ප්‍රධාන ආහාර වේල් සඳහා සිදු කල නොහැකි ක්‍රියාවක්) එමගින් ඔබ වැඩි පුර ආහාරයට ගැනීම වළක්වා ඔබේ බරත් යම් මට්ටමකට පාලනය වේවි.

04. අඩුවෙන් මුත්‍රා පිට කිරීම
සාමාන්‍ය වශෙයෙන් පුද්ගලයෙක් දිනකට වාර 6-7 ත් අතර ප්‍රමාණයක් මුත්‍රා පිටකරනු ලබනවා. ඔබ දිනකට මෙම වාර ගණනට වඩා අඩුවෙන් මුත්‍රා පිට කරනවා නම් ඔබ විජලන තත්වයෙනුයි පසුවන්නේ. වකුගඩු මගින් විජලනය හැකිතාක් අවම කර ගැනීම සඳහා හැකි පරිදි ජලය ශරීරය තුල තැම්පත් කර ගැනීමට උත්සහා කර නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙවන් අවස්තාවක වකුගඩු වැඩි වශයෙන් වෙහෙසෙනවා. මෙම තත්වය මගහරවා ගැනීම සඳහා ඔබ විසින් සිදු කල යුත්තේ දිනකට අවශ්‍ය කරන නිසි ජලය ප්‍රමාණය පානය කිරීමයි.

05. මුත්‍රා තද කහ පැහැති වීම
මුත්‍රා වල සාමාන්‍ය වර්ණය වන්නේ කහ පැහැයයි. ඔබේ මුත්‍රා සාමාන්‍ය කහ වර්ණයෙන් තද කහ වර්ණය ගනු ලබනවා නම් එයින් අදහස් වන්නේත් ඔබ විජලන තත්වයෙන් පසු වන බවයි. මේ තත්වය සිදු වන්නේ වකුගඩු තුල අඩු වශයෙන් තරලයන් අන්තර්ගත වීම නිසයි. මෙහිදී ශරීරය තුල අන්තර්ගත වන සුළු ජලය ප්‍රමාණය රඳවා තබා ඛනිජ වැනි ද්‍රව්‍යයන් මුත්‍රා ලෙස පිට කිරීමක් සිදු වනවා.

06. මළබද්ධය
විජලනතත්වය නිසා නිතර ඇතිවන රෝග ලක්‍ෂණයක් තමයි මළබද්ධය. පෙර සඳහන් කල ආකාරයටම ශරීරය විජලයන වූ විට ශරීරයටඅවශ්‍ය කරන ජලය ප්‍රමාණය ඕනෑම ඉන්ද්‍රියක් මගින් ලබා ගැනීමට ශරීරය ක්‍රියා කරනවා. එය මහා බඩවැලෙන් වන්නටත් පුළුවන්. මහා බඩවැල තුල ප්‍රමාණවත් ජල සාන්ද්‍රණය නොමැතිවීම නිසා ජීර්ණය නොවූ ආහාර කැබලි මහා බඩවැල හරහා පිටවීමේ දී ගැටළු ඇති වනවා.

07. අධික තෙහෙට්ටුව
අධ්‍යයනයන් අනුව කරුණු දක්වන ආකාරයට ශරීරය තුල නිසි ලෙස ජලය නොමැති වීම නිසා තෙහෙට්ටු ස්වභාවය ඇති වනවා. විජලනය තත්වය නිසා හෘදය මගින් රුධිර පොම්ප කිරීමට වැඩි වෙහෙසක් ගනු ලබනවා. මේ හේතුව නිසයි ශරීරයට තෙහෙට්ටු ස්වභාවයක් ඇති වන්නේ. ඔබ නැවත වතාවක් තෙහෙට්ටු භාවයට පත් වූ විට ඔබ පානය කරනු ලබන කෝපි කෝප්පය සහ ශක්ති ජනක පානය වෙනුවට ජලය වීදුරුවක් පානය කරන්න.

08. පිපාසය සහ වියළි මුඛය
නිතර දැනෙන පිපාසය මගිනුත් කියවෙන්නේ විජලනය පිළිබඳවයි. අධික පිපාසයට අමතරව නිතරම වාගේ ඔබේ මුඛය වියළි ස්වභාවයක් ගනු ලබනවා නම් ඔබ වහාම ජලය පානය කරන්න.

09. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම
විජලනය මගින් ප්‍රතිශක්තිකරණය දුර්වල කර රුධිරයේ අඩංගු වන විෂ සහිත සංඝටකයන් ප්‍රමාණය වැඩි කරනු ලබනවා. ඔබ නිසි පරිදි ජලය පානය කරනවා නම් මෙම විෂ සහිත සංඝටකයන් ඉවත් කර ආසාත්මිකතාවයන් සඳහා සටන් වැදීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත වර්ධනය කර ගන්නට පුළුවන්.

10. සම වියළීම සහ රැළි වැටීම
ශරීරය තුල ජලය හිගවීම නිසා සම වියළීම සහ සමෙහි රැළි ඇතිවීම ආරම්භ වනවා. (මෙම තත්වය ඇති වන එකම හේතුව මෙය නොවෙයි) නමුත් ඔබ මෙම තත්වයට මුහුණ දෙන අයෙක් නම් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීමට පෙර ප්‍රමාණවත් ලෙස ජලය පානය කර එමගින් යම් සහනයක් සැලසෙනවා දැයි විමසිලිමත් වන්න. ශරීරයේ ජලය හිගවීම නිසා සමේ දැවිල්ල වැනි තත්වයන් ඇතිවීම, සම කැසීම සහ සමේ සංවේදීතාවය අඩුවීම වැනි විවිධ තත්වයන් ඇති වන බව චර්ම රෝග විශේෂඥයෙක් වන “Diana Howard” මහතා පවසනවා. සමේ නිසි තෙතමනය දුරු වූ විට සම අකලට වියපත් වූ ස්වරූපයක් ඇති වනවා. සම නැවතත් නිසි ලෙස පෝෂණය කිරීමට නම් නිසි ලෙස ජලය පානය කිරීම අනිවාර්යයි.